ජනපති අද තායි සංවාද සමුළුව අමතයි

Monday, 10 October 2016 - 7:21

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92++%E0%B6%85%E0%B6%AF+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ආසියානු කලාපයට බලපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ආසියානු සහයෝගීතා සංවාද සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අමතනවා.

රටවල් 34ක සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන සමුළුව අමතා ජනාධිපතිවරයා සිදුකරන විශේෂ දේශනය අද පෙරවරුවේ පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

කලාපයේ ඵලදායීතාව වැඩි කිරීම පිළිබදව මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර ඒ සඳහා පොදු එකඟතාවයන්ට පැමිණීමට ද නියමිතයි.

ශ්‍රී ලංකාව සහ අනෙකුත් ආසියානු රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සිය දේශනයේදී වැඩි අවධානයක් යොමු කරනු ඇති.