හිලරි සහ ට්‍රම්ප් අතර දෙවන විවාදය ඇරඹේ

Monday, 10 October 2016 - 7:35

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂක දෙපළ වන ඩොනල්ඞ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර දෙවන රූපවාහිනී විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඇමරිකාවේ ශාන්ත ලූවී  හිදී මෙම විවාදය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමරිකන් ජනාධිපතිවරණයේ පළමු රූපවාහිනී විවාදය පසුගියදා පැවති අතර, ඉන් ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට ජයග්‍රහණය හිමිවුණා.

මේ අතර මෙම රූපවාහිනී විවාදයට පෙර කාන්තාවන් තුන්දෙනෙකු සමඟ මාධ්‍ය හමුවක් පවත්වමින් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ට අපචාර චෝදනාවක්ද එල්ල කර තිබුණා.

මෙම තත්ත්වය විදෙස් මාධ්‍යවල දැඩි අවධානයක් මෙම විවාදයට යොමුවී තිබෙනවා.