මාතලේ පලාපත්වල ප්‍රදේශයේදී වාහන හතරක් ගැටේ

Monday, 10 October 2016 - 9:33

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
මහනුවර - යාපනය මාර්ගයේ මාතලේ - පලාපත්වල ප්‍රදේශයේදී අද උදෑසන වාහන 4 ක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරෙන් පුද්ගලයන් කිහිපදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි.

කැබ් රථයක් මාර්ගය හරහා හැරවීමට උත්සාහ කිරීමේදී එහි බස් රථයක් ගැටී තිබෙනවා.

පසුව එම බස් රථයට පිටුපසින් පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුර හේතුවෙන් මහනුවර - යාපනය මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා.

මේ අතර කඩවත - ගෝනහේන - වෑබඩ මාර්ගයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.