හයිටියට දින තුනක ශෝක කාලයක්

Monday, 10 October 2016 - 10:46

%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හයිටියට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, දින කිහිපයක් පුරා බලපා තිබූ චන්ඩ මාරුතයෙන් 900 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්.  

මැතිව් චන්ඩ මාරුතයෙන් 350 000 කට අධික පිරිසක් අවතැන්වී සිටිනවා.

එමෙන්ම නිවාස 10 000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවටයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. 2007 වසරේ හැමූ ෆෙලික්ස් සුළි සුළඟට පසු කැරිබියානු කලාපයට හමා ආ ප්‍රබලතම චණ්ඩ මාරුතය ලෙසද මෙය සැළකෙනවා.

මේ වනවිට මැතිව් සුළි කුණාටුව ඇමරිකාවේ ගිණිකොණ දිග ප්‍රදේශයට බලපෑම් එල්ල කරමින් පවතින බව සඳහන්.