දෙවන විවාදයේ ජයත් හිලරිට (Upddate)

Monday, 10 October 2016 - 10:51

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92%E0%B6%A7++%28Upddate%29
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂක දෙපළ වන ඩොනල්ඞ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර අද පැවති දෙවන රූපවාහිනී විවාදයද ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජය ගෙන තිබෙනවා.

මත විමසීමට අනුව, හිලරි ක්ලින්ටන් සියයට 57 ක ප්‍රතිශතයක් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සියයට 34 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි CNN ප්‍රවෘත්ති සේවාව සදහන් කළේ.

ඇමරිකාවේ ශාන්ත ලුවී හිදී එම විවාදය පැවැත්වුණු අතර, පසුගිය 27 වනදා පැවති පළමු විවාදයේදී මෙන් මෙවර විවාදය ආරම්භවීමට පෙර මොවුන් දෙදෙනා අතට අත දී සුබපතාගැනීමක් සිදුනොකළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අද පැවති විවාදය වඩාත් උණුසුම් වූයේ කාන්තාවන් සම්බන්ධයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගියදා එල්ල කළ විවේචන පිළිබඳ හිලරි ක්ලින්ටන් අදහස් දැක්වීමත් සමඟයි.

 එහිදී ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන  හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ට එල්ලවන අපචාර චෝදනා දැඩි ලෙස විවේචනය කරනු  ලැබුවා.

තමන් ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් විශේෂ කමිටුවක් හරහා විද්‍යුත් තැපෑල මගින් රාජ්‍ය තොරතුරු හුවමාරු කළ බවට හිලරි ක්ලින්ටන්ට එල්ලවන චෝදනා  පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවයි ඩොනල්ඞ් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේ.

අනතුරුව ඇයව සිරගත කිරීමටද කටයුතු  කරන බව  ඔහු සඳහන් කළා. 

 

Update Monday, October 10, 2016 12.45
---------------------------------------------------------
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂක දෙපළ වන ඩොනල්ඞ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර අද පැවති දෙවන රූපවාහිනී විවාදය ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජය ගෙන තිබෙනවා.

මත විමසීමට අනුව, හිලරි ක්ලින්ටන් සියයට 57 ක ප්‍රතිශතයක් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සියයට 34 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි සී.එන්.එන්.ප්‍රවෘත්ති සේවාව සදහන් කළේ.

ඉතා උණුසුම් අයුරින් පැවති මෙම විවාදයේ ඩොනල්ඞ් ට්‍රම්ප් කාන්තාවන් සම්බන්ධයෙන් සිදුකළ අසභ්‍ය ප්‍රකාශන පිළිබදව ද සංවාදයට බදුන් වුණා.

පසුගියදා පැවති පළමු රූපවාහිනි විවාදය ද ජය ගනු ලැබුවේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් විසින්.