විවාහ වී නිවසට එද්දී මනමාලියගේ උරහිසේ මනමාලයා මියගිය සංවේදී කතාව

Monday, 10 October 2016 - 12:49

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%91%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8B%E0%B6%BB%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
විවාහයෙන් පසු තම මනමාලිය නිවසට කැඳවාගෙන එන අතරමඟදී වැළඳුනු හෘදයාබාධයකින් මනමාලයා මියගිය කනගාටුදායක පුවතක් ඉබ්බාගමුවෙන් වාර්තා වනවා.

මියගොස් ඇත්තේ 25 හැවිරිදි ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

විවාහ උත්සවයෙන් අනතුරුව මොවුන් දෙදෙනා ඡායාරූප ගැනීමකින් අනතුරුව නිවෙසට යමින් සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවටයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා ආදර සම්බන්ධතාවකින් පසුව දෙමව්පියන්ගේ ආශීර්වාදයෙන් පසුගිය 6 වනදා විවාහ වී තිබෙනවා.

අදාළ තරුණිය තම සැමියාගේ සංවේදී වේදනාත්මක සමුගැනීම විස්තර කළේ මෙලෙසින්.

අපි ඇහැලියගොඩට එද්දි රාත්‍රි 8.30  වගේ වෙලා. අපේ ඉස්සරහ ජීවිතේ ගැන එක එක කතා කියකිය විහිළු කරමින් තමයි ආවේ.
එහෙම එනකොට ඉසුරු කිව්වා මට මහන්සියි මම ටිකක් නිදාගන්නවා කියලා. මගේ කරට හේතු වෙන්නම් කියලා මගේ උරහිසේ හිස තියාගත්තා.
ටික වෙලාවකින් මට වෙනසක් දැනුනා. වාහනේ නතර කරන්න කියලා අනෙක් අයට දැනුම් දුන්නා. ඒ බලනකොට එයාට සිහිය නැහැ. අපි ඉක්මනටම අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කළා. දොස්‌තර මහත්වරු කීවා වැඩක්‌ නෑ හරිම කණගාටුයි ඔහු ජිවිතේ දාලා ගිහින් කියලා.