ජයන්ත සමරවීර සහ සරත් වීරවංශ යළි රිමාන්ඞ්

Monday, 10 October 2016 - 13:18

%E0%B6%A2%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ මස 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සරත් වීරවංශව අත්අඩංගුවට ගත්තේ සැප්තැම්බර් මස පළවැනිදායි.  

විමල් වීරවංශ නිවාස අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සිටිමින් රජයේ වාහන අවභාවිතා කර රුපියල් ලක්ෂ 100කට අධික මුදලක් වංචා කරන ලදැයි පොදු දේපල පනත යටතේ මොහුට විරුද්ධව චෝදනා ගොනු කර තිබෙනවා.

සරත් වීරවංශ, 2009 වසරේ සිට 2015 වසර දක්වා හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළා.

මේ අතර පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කීරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 28 වැනිදායි.