වතු කම්කරු උද්ඝෝෂණය නිසා බිලියනයක පාඩුවක්

Monday, 10 October 2016 - 13:33

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සිය වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පවත්වන විරෝධතා නිසා රුපියල් බිලියනයක පමණ අලාභයක් සිදුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

මේ අතර බොගවන්තලාව ප්‍රදේශයේ වතු 10 ක කම්කරුවන් අද උදෑසන සිට වර්ජනයක නිරතවන්නේ  මාස 18 ක තම හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින්.

පසුගිය දින 10 පුරා මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන් මෙලෙස විරෝධතාවයේ නිරතවන අතර, එමඟින් ආර්ථිකයට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

කෙසේ වෙතත් වතු කම්කරුවන්ගේ නව වැටුප් සංශෝධනය  ඇතුළත් සාමූහික ගිවිසුම ලබන සතියේදී අත්සන් තැබෙනවා.

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා එමඟින් ඉහළ නංවා තිබෙනවා.