විද්‍යා තාක්ෂණ නවෝත්පාදන ක්‍ෂේත්‍රයේ පෙරගමන්කරු වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනපති කියයි

Monday, 10 October 2016 - 13:41

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B1%E0%B7%80%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%99%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආසියානු කලාපය තුළ විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන ක්‍ෂේත්‍රයේ පෙරගමන්කරුවීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුව අද පෙරවරුවේ අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ නැගී එන ආසියාව ඉදිරි වසර කිහිපයේ ලෝකයේ ආර්ථික මධ්‍යස්ථානය සහ මූල්‍ය කේන්ද්‍රය බවට පත්වනු ඇති බවයි.

ආසියානු සංවර්ධනය යනු විද්‍යා හා තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ඉදිරි ගමන බව පැවසූ ජනාධිපතිවරයා විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා කලාපයේ රටවල් අතර දැනුම වර්ධනය කරගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළා.

මෙම සමුළුවේදී සම්මත කර ගැනීමට නියමිත ආසියානු සහයෝගීතා සංවාද සමුළුවේ 2030 සඳහා වූ දැක්ම සහ මාර්ග සිතියම තිරසාර සංවර්ධනය සඳහා වූ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා බෙහෙවින් උපයෝගී වනු ඇති බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

මේ අතර, තායිලන්තයේ සිව් දින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දහවල් බැංකොක් නුවර දී ඉරාන ජනාධිපති ආචාර්ය හසාන් රවුහානි හමුවුණා.

දෙරටේ සබඳතා වඩාත් ශක්තිමත් කර ගැනීමට මෙම හමුව මහත් ශක්තියක් බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා නුදුරු දිනකදී ඉරානයේ සංචාරයක නිරත වන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙහිදී ඇරයුම් කළා.

ඉරානය ශ්‍රී ලංකාවට තෙල් ලබාදීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මනා දායකත්වයක් සපයන අතර ඉදිරියේදී එම කටයුතු වඩාත් ක්‍රමවත් කරන බවයි එහිදී ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
 
දෙරටේ ආනයන අපනයන කටයුතුවලට නව ප්‍රවේශයක් ලබාදෙන බව ද ද්වි පාර්ශවීය මිලදී ගැනීම් වැඩි දියුණු කර ගැනීමට ද කටයුතු කරන ලෙසට ඉරාන ජනාධිපති රවුහානි, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත මෙහිදී යෝජනාවක් ද ඉදිරිපත් කළා.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කියා සිටියේ ඉරානයේ සහ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු පිළිබදව දෙරට මනා අවබෝධයකින් කටයුතු කරන බවයි.