මන්ත්‍රී නාමල් රාජපක්ෂ, FCIDයෙන් මිලියන 200ක් වන්දි ඉල්ලයි

Monday, 10 October 2016 - 18:12

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2C+FCID%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+200%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් වන්දි ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

ඒ, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුනොකර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් සිය කීර්ති නාමයට හානියක් සිදුවූ බව පවසමින්.

තමන්ට සිදුවූ හානියට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ආර්.ඒ.කේ. ප්‍රේමරත්නගෙන් සහ පොලිස් පරීක්ෂක ශාන්ත ලාල්ගෙන් වෙන වෙනම රුපියල් මිලියන 100 බැගින් වන්දි ඉල්ලා ඔහු මෙම නඩුව පවරා තිබෙනවා.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ද අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැදවා තිබුණා.

ඒ, ඔහු අධ්‍යක්ෂ ධුරයක් දැරූ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම යටතේ දියගම ප්‍රදේශයේ ඉදිකරමින් පැවතුණු ක්‍රීඩා සංකීර්ණයක අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු පොලිස්පතිවරයෙකු වන මහින්ද බාලසූරිය අද පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

උඩරට සංවර්ධන අධිකාරියේ සිදුව ඇති දූෂණ හා වංචා විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොමිසම වෙත කැදවා තිබූ අතර, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය කැදවා තිබුණේ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වෙත නීතිවිරෝධී ලෙස පොලිස් ආරක්ෂාව සැපයීම මගින් රජයට රුපියල් කෝටි 3ක පාඩුවක් කර ඇති බවට පැවසෙන සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීමටයි.