13 වන දායින් පසු වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක්

Tuesday, 11 October 2016 - 7:15

13+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් ලබන 13 වන දායින් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක සඳහන් කළේ.

දිවයිනට බලපා ඇති වියළි කාලගුණයත් හේතුවෙන් පීඩාවට පත්වූ ප්‍රමාණය මේ වන විට හය ලක්ෂ 7478ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක 19ක පීඩාවට පත් පවුල් සංඛ්‍යාව මේ වන විට එක්ලක්ෂ 61,337ක්.

වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ 30,513 දෙනෙකු වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මේ අතර, බෙරගල සහ නමුණුකුල කඳුවැටිය ආශ්‍රිතව පැතිර තිබූ වනාන්තර ගිනි මේ වන විට මුළුමනින්ම මැඬ පවත්වා ඇති බවයි.