ඉන්දියාව කේබල් හරහා මුහුද යටින් ශ්‍රී ලංකාවට අපනයනය කරන්න යන දේ

Tuesday, 11 October 2016 - 7:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A
මුහුද යටින් අතුරන කේබල් පද්ධතියක් හරහා ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට රාජ්‍ය, විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් පී.කේ. පුජාරි උපුටා දක්වමින් හින්දු පුවත්පත සඳහන් කළේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මෙගාවොට් 500ක් දක්වා විදුලිබලශක්තියක් ලබාගත හැකි බවයි.

සම්බන්ධතා මාධ්‍යයක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විදුලි අපනයනය මෙතෙක් පමා වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

ඉන්දියාව මේ වන විට බංග්ලාදේශය, නේපාලය සහ මියන්මාරය වෙත විදුලිය අපනයනය කරන අතර, භූතානයෙන් විදුලිය ලබා ගන්නවා.

ශ්‍රී ලංකාවට ඒ ආකාරයෙන් සබ්මැරීන කේබල් පද්ධතියක් හරහා විදුලිය සැපයිය හැකි බවයි ඉන්දීය රාජ්‍ය විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

මෙතෙක් පැවති තාක්ෂණය සඳහා විශාල පිරිවැයක් වැය කළ යුතු වුවත් නව තාක්ෂණය යටතේ දැරිය හැකි මුදලකට ශ්‍රී ලංකාව වෙත විදුලිය අපනයනය කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා.

යුරෝපීය රටවල් එම තාක්ෂණය මගින් දැනටමත් පුනර්ජනනීය විදුලිය හුවමාරු කර ගන්නා බවයි ඉන්දීය රාජ්‍ය විදුලිබල අමාත්‍යාංශ ලේකම් පී.කේ. පුජාරි කියා සිටියේ.