අගුණුකොළපැලැස්සේ ද්විත්ව ඝාතනය සිදුකළ හේතුව ? සැකකරු නම ගිය අපරාධකරුවෙකු බව හෙළිවේ

Tuesday, 11 October 2016 - 7:58

%E0%B6%85%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%3F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
අගුණකොලපැලැස්ස  - මුරවැසිහේනේ ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහර දී පියා සහ බාල පුතු ඝාතනය කර මවට සහ වැඩිමහල් පුතුට බරපතල තුවාල සිදුකළ පුද්ගලයා මිනී මැරුම් කිහිපයකට සම්බන්ධ නම ගිය අපරාධකරුවෙකු බව පොලීසිය පවසනවා.

අගුණකොළපැලැස්ස පොලීසිය සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙනවා.

මෙම ඝාතන සිද්ධියට මුල් වී ඇත්තේ පවුල් ආරවුලක් බවටයි මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ සොහොයුරියගේ දියණියක් තුවාල ලබා සිටින අදාළ වැඩිමහල් පුත්‍රයා සමග විවාහ වී සිටිනවා.

ඒ සම්බන්ධයෙන් වූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මුරවැසිහේන ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස තුලදී පුද්ගලයින් තුන්දෙනෙකු මෙම පහරදීම සිදුකර තිබුණේ පෙරේදා රාත්‍රියේයි.

සිද්ධියෙන් තුවාල ලැබූ මව සහ වැඩිමහල් පුතු අගුණකොළපැලැස්ස රෝහලේ සිට වැඩිදුර  ප්‍රතිකාර සඳහා ඊයේ තංගල්ල රෝහල වෙත මාරු කර යවා තිබුණා.

සිද්ධියෙන් 62 හැවිරිදි පියා සහ 26 හැවිරිදි බාල පුතු මියගිය අතර තුවාල ලැබුවේ 52 හැවිරිදි මව සහ 28 හැවිරිදි වැඩිමහල් පුත්‍රයායි.