වැඩිමහල් පුද්ගලයන් විසින් කුඩා දැරියන් විවාහ කරගැනීම පිළිබඳව හෙළිවූ දේ මෙන්න

Tuesday, 11 October 2016 - 8:24

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සෑම තත්පර 7කට වරක් ලොව කොතැනක හෝ වයස අවුරුදු 15ට අඩු දැරියක් විවාහ දිවියට පිවිසෙන බව ‘save the children’ ආයතනය පවසනවා.

ඔවුන් බොහෝ විට විවාහ වන්නේ බෙහෙවින් වැඩිමහල් පුද්ගලයන් සමඟයි.

ඇෆ්ගනිස්ථානය, යේමනය, සෝමාලියාව මෙන්ම ඉන්දියාවේ ද මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ‘save the children’ වාර්තාවේ සදහන්.

ගැහැණු දරුවන්ට හොඳම සහ අයහපත්ම රටවල් දර්ශකයක් ද එමගින් සකස් කර ඇති අතර, නයිජර්, චැඞ්, මධ්‍යම අප්‍රිකානු ජන රජය, මාලි සහ සෝමාලියාව එහි පහළම අන්තයේ සදහන් කර තිබෙනවා.

වර්තමානයේ මිලියන 700ක් ගැහැණු ළමයින් බාල වියේදී විවාහ දිවියට පිවිසෙන අතර වසර 2030 වන විට එය මිලියන 950 දක්වා ඉහළ යා හැකි බවයි
‘save the children ’ ආයතනය පෙන්වා දෙන්නේ.