ජනපති යළි දිවයිනට

Tuesday, 11 October 2016 - 8:51

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
තායිලන්තයේ නිළ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ රාත්‍රියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියා.

ජනාධිපතිවරයා රැගත් යූ.එල්. 891 දරණ ශ්‍රී ලන්කන් ගුවන් යානය ඊයේ රාත්‍රියේ 11ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, ආසියානු කලාපය තුළ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ පෙර ගමන්කරු වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ තායිලන්තයේ බැංකොක් නුවර දී ආරම්භ වූ ආසියානු සහයෝගීතා සංවාදයේ දෙවන රාජ්‍ය සමුළුව අමතමින් කියා සිටියා.

මෙම සමුළුව සඳහා ආසියානු රටවල් 33ක රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිතයින් ද එක්ව සිටියා.