මැතිව් චණ්ඩ මාරුතයෙන් බැට කෑ හයිටියේ වසංගත රෝග පැතිරේ

Tuesday, 11 October 2016 - 8:57

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%A7+%E0%B6%9A%E0%B7%91+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
දශකයකින් පමණ කැරිබියානු කලාපයට හමා ආ දරුණුතම චණ්ඩ මාරුතය වූ මැතිව් සුළි සුළඟින් පීඩාවට පත් හයිටි දිවයින් රාජ්‍යයේ වසංගත රෝග පැතිරෙමින් පවතින බව වාර්තා වනවා.

පසුගිය සතියේ හැමූ මැතිව් චණ්ඩ මාරුතයෙන් ජීවිත හානි දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුණා.

දැන් එහි කොලරාව ඇතුළු වසංගත රෝග පැතිරෙන බව එහි සහන සේවාවල නිරත වෛද්‍ය කණ්ඩායම් ප්‍රකාශ කළා.

සුළි සුළඟින් පසුව පිරිසිදු පානීය ජලය හිඟවීම මෙලෙස රෝග පැතිරීමට ප්‍රධාන හේතුවක්.

හයිටියේ ලක්ෂ සංඛ්‍යාත ජන කොටසකට ආහාර ආධාර අවශ්‍ය වී ඇති බවයි ජගත් සංවිධානය ප්‍රකාශ කළේ.

සුළි සුළඟට මුහුණ පෑ හයිටි දිවයිනේ ප්‍රදේශවලින් සියයට 90ක් පමණ මුළුමනින්ම පාහේ දැඩි විනාශයකට ගොදුරු වී තිබෙනවා.