සීකා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආසියාකරයට අනතුරු ඇගවීමක් (Update)

Tuesday, 11 October 2016 - 9:19

%E0%B7%83%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A++%28Update%29
මදුරුවන් මගින් ප්‍රචාරණය වන සීකා වෛරසය ආසියා පැසිෆික් කලාපයේ සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කළා.

මෙම වෛරසය ආසාදනය වන ගැබිණි මව්වරුන් හිස කුඩා දරුවන් බිහි කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

දැනටමත් 400ක් පමණ සීකා ආසාදිතයන් සිංගප්පූරුවෙන් වාර්තා වන අතර, වෛරසය ආසාදනය වූ තායි කාන්තාවන් දෙදෙනෙකු හිස කුඩා ළදරුවන් බිහි කළා.

පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය සමුළුවට එක්වෙමින් එහි  සෞඛ්‍ය ආරක්ෂණ සහ හදිසි සේවා අධ්‍යක්ෂිකා ලී අයිලාන් කියා සිටියේ ආසියා - පැසිෆික් කලාපයේ රටවල් 19ක මේ වන විට සීකා වෛරසය පැතිර ඇති බවයි.

සිංගප්පූරුව සහ තායිලන්තය හැරුණු විට පිලිපීනය, වියට්නාමය සහ මලයාසියාවෙන් ද සීකා ආසාදිතයන් වාර්තා වී තිබෙනවා.

චීනය, ජපානය,  ඕස්ට්‍රේලියාව සහ අග්නිදිග ආසියාතික රටවල් බොහොමයක මෙන්ම පැසිෆික් දිවයින්වල ද සීකා වෛරසය පැතිර යා හැකි බවටයි ඇය අනතුරු අගවා ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සීකා වෛරසය පිළිබදව වාර්තාවක් ද මැනිලා රැස්වීමට ඉදිරිපත් කළ අතර එහි දැක්වෙන්නේ වෛරසය ආසියා - පැසිෆික් කලාපය තුළ තවදුරටත් පැතිරීමේ ඉහළ අවස්ථාවක් පවතින බවයි.

Update  Tuesday, October 11, 2016 1.32
--------------------------------------------------------
මදුරුවන් මගින් ප්‍රචාරණය වන සීකා වෛරසය ආසියා පැසිෆික් කලාපයේ සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කළා.

මෙම වෛරසය ආසාදනය වන ගැබිණි මව්වරුන් හිස කුඩා දරුවන් බිහි කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

දැනටමත් සිය ගණනක් සීකා ආසාදිතයන් සිංගප්පූරුවෙන් වාර්තා වන අතර, හිස කුඩා ළදරුවන් දෙදෙනෙකු තායිලන්තයෙන් බිහි වී තිබෙනවා.