මහනුවර සහ ගම්පහ රිය අනතුරුවලින් ජීවිත හානි දෙකක්

Tuesday, 11 October 2016 - 9:24

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
මහනුවර - තෙල්දෙනියේ සහ ගම්පහ - රදාවාන ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මහනුවර - මහියංගනය මාර්ගයේ තෙල්දෙනිය නගරයේදී ලොරි රථයක ගැටුණු යතුරුපැදියක ගමන් ගත් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණා.

ගම්පහ - යක්කල - රදාවාන ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටුණු 53 හැවිරිදි පදිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.