බාල පුතුට නිදිපෙති දී මව විසින් සිදුකළ අසභ්‍ය දේ

Tuesday, 11 October 2016 - 9:36

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A
බාල සහෝදරයාට නිදි පෙති ලබාදී සිය මව වෙනත් පුද්ගලයෙක් සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බව පවසමින් සාමනේර හිමිනමක් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සාමනේර හිමිනම විසින් එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙලෙස මව විසින් දිනපතා නිදි පෙති දීම හේතුවෙන් තම සොහොයුරා අසීමිත ලෙස මත්වීමට පටන්ගෙන ඇති බවයි.

අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඔවුන්ගේ පියා විසින් තම සොහොයුරා සඳහා මාසිකව නඩත්තු මුදලක් ගෙවනු ලැබුවද එම මුදල් සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නොයොදවන බවයි.

ඒ අනුව සහෝදරයා තමා භාරයට ලබාදෙන ලෙසටයි සාමනේර හිමිනම කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීවරයා වෙත මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ සිද්දිය පිළිබඳව කැබිතිගොල්ලෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ.