Update: කොළඹ කුණු වලට එරෙහිව ජාඇල විරෝධතාවක්

Tuesday, 11 October 2016 - 10:07

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මීතොටමුල්ලේ කුණු කසල ඒකල ප්‍රදේශයට රැගෙන ඒමට සූදානමක් පවතින බව පවසමින් ඒකල ප්‍රදේශවාසීන් ජාඇලදී කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය හරස් කර අද විරෝධතාවක නිරත වුණා.

ඔවුන් පළමුව ඒකල මංසන්ධියේ දී විරෝධතාවක නිරත වූ අතර අනතුරුවයි ජාඇල නගරයට පැමිණියේ.

මේ හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් බාධා එල්ල වුණා.

විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ද එක්ව සිටි අතර විරෝධතාකරුවන් ජාඇල ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් ද භාර දෙනු ලැබුවා.

මෙම විරෝධතාවයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ද සහභාගිවීමට පැමිණියත් ප්‍රදේශවාසීන් ඔහුට ද විරෝධය පළ කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

Update Tuesday, October 11, 2016 12.54
---------------------------------------------------------------
මීතොටමුල්ලේ කුණු කසල ඒකල ප්‍රදේශයට රැගෙන ඒමට සූදානමක් පවතින බව පවසමින් ඒකල ප්‍රදේශවාසීන් මේ වන විට විරෝධතාවයේ නිරත වනවා.

ඒකල මංසන්ධියේ විරෝධතාවයේ නිරත වූ ඔවුන් මේ වන විට පා ගමනින් ජාඇල නගරය වෙත පැමිණෙමින් සිටින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ හේතුවෙන් කොළඹ - මීගමුව මාර්ගයේ  වාහන ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව සදහන්.

මේ අතර, බදුල්ල - වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය පිටුපස ඇති කුණු කන්ද තවමත් ගිනි ගනිමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් පිටවන දුමාරයෙන් නගරය වැසී පවතින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.