විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට විදෙස්ගතවීමට අවසර

Tuesday, 11 October 2016 - 11:11

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9A%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A+%E0%B6%A2%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින එම සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට විදේශගතවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නා.

ඒ, විදෙස්ගතවීමට අවසර ඉල්ලා ඔහුගේ නීතිඥයින් ගොනු කර තිබූ පෙත්සම, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසින් සලකා බැලුණු අවස්ථාවේදියි.

ලබන 24 වන දා දෝහා කටාර් රාජ්‍යයේ ආරම්භ වන ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සැසි වාරයකට සහභාගිවීම සඳහා විදෙස් ගත වීමටයි පාලිත ප්‍රනාන්දු පෙත්සම මගින් අවසර ඉල්ලා තිබුණේ.