තායිලන්තයේ බෝම්බ බියක්

Tuesday, 11 October 2016 - 11:16

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තායිලන්තයේ බැංකොක් අගනුවර ආසන්නයේ මෝටර් රථ බෝම්බ පිපිරීමක් සිදුකිරීම සඳහා සන්නද්ධ කණ්ඩායමක් සැලසුම් කරමින් සිටින බවට එරට ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධානියා අනතුරු ඇගවීමක් කළා.

මේ නිසා බැංකොක් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු මර්මස්ථානවල ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

එමෙන්ම මෝටර් රථ බෝම්බ සැකසීම් ලෙස සැලකිය හැකි සැක කටයුතු සිද්ධීන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ වලට උපදෙස් ලබාදී තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළ තායිලන්තයේ සංචාරක නිකේතන ප්‍රදේශ ඉලක්ක කරගෙන බෝම්බ පිපිරීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වුණා.