නිවසේ අවමංගල්‍ය උත්සවය සූදානම් කර තිබියදී මියගිය පුද්ගලයා බෝට්ටුවෙන් ගෙදර පැමිණි හැටි

Tuesday, 11 October 2016 - 12:24

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
පසුගිය 08වනදා ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බෝට්ටු දෙකක් එකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත පදිංචි පුද්ගලයෙක්.

කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් ගොඩබිමට දැනුම්දීමේදී ඇතිවූ දෝෂයක් හේතුවෙන් අදාළ දැනුම්දීමේ  21 හැවිරිදි ඉෂාන් මංඡුල නම් අයෙකු මෙම අනතුරින් මියගිය බවට සඳහන්වී තිබෙනවා.

පසුව අදාළ තරුණයාගේ ඥාතීන් විසින් ඔහුගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර තිබී ඇති අතර පසුව ඊයේ දිනයේ ලැබුණු නිවේදනයක දක්වා ඇත්තේ අදාළ පණිවුඩය නිවැරදි නොවන බවත් මියගොස් ඇත්තේ වෙනත් පුද්ගලයෙකු බවයි.

ඒ අනුව අදාල ඥාතීන් මහත් අපහසුතාවකට පත්ව ඇති අතර ඔවුන් අද ගාල්ල ධීවර වරායට පැමිණ තිබුනේ වැරදීමකින් මියගිය බවට සැලවූ තම ඥාතියා දැකගැනීමේ අරමුණ ඇතිවයි.

මෙම ධීවර යාත්‍රා අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මහමෝදර, සියඹලාගහවත්ත ප්‍රදේශයේම පදිංචි සජිත් මධුසංක නැමති 21 හැවිරිදි තරුණයෙක්.

ඔහුගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ තම පුතාගේ මරණය සැක සහිත බවයි.



(දර්ශන - රොෂාන් පියතිලක )