Update : බදුල්ල කුණු කන්දේ ගින්න තවමත්

Tuesday, 11 October 2016 - 12:50

Update+%3A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A
බදුල්ල - වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය පිටුපස ඇති කුණු කන්දේ  දින තුනක් පුරා පැතිර යන ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගෙන මෙහෙයුම් සිදුකළත් තවමත් එය සම්පූර්ණයෙන් නිවා දැමීමට හැකිවී නැහැ.  

කෙසේ වෙතත් ගුවන් හමුදාව, යුද හමුදාව සහ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

කුණු කන්දෙන් පිටවන දුමෙන් බදුල්ල නගරය වැසී පවතින අතර, නගරයේ පාසල් 5 ක්ද වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

Update- Tuesday, October 11, 2016 4:20
---------------------------------------------------
බදුල්ල - වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය පිටුපස ඇති කුණු කන්ද තවමත් ගිනි ගනිමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් පිටවන දුමාරයෙන් නගරය වැසී පවතින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ හේතුවෙන් අද දිනයේ බදුල්ල නගරයේ ප්‍රධාන පාසල් 5ක් වසා දමා තිබෙනවා.

මෙලෙස වසා දමා ඇත්තේ විහාරමහාදේවි මහා විද්‍යාලය, ඌව මහා විද්‍යාලය, ධර්මදූත මහා විද්‍යාලය, අල්ලදාන් විද්‍යාලය සහ බදුල්ල දෙමළ මහා විද්‍යාලයයි.

බදුල්ල පොලීසිය සදහන් කළේ අදාළ කුණු කන්දේ දුමාරය විටින් විට නගරයේ විවිධ පැතිවලට පැතිරීම හේතුවෙන් දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි.