ගම්මන්පිළට ඇප

Tuesday, 11 October 2016 - 13:04

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ඇටෝනි බලපත්‍රයක් මගින් නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට අද ඇප නියම වුණා.

කොළඹ මහාධිකරණය එහිදී මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබෙනවා.  

ඕස්ට්‍රේලියානු ජාතිකයාට අයත් සමාගම සමග ගණුදෙනු කිරීමේදී මන්ත්‍රිවරයා රුපියල් මිලියන 41 ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවටයි නීතිපතිවරයා මොහුට විරුද්ධව මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ.

එම නඩුව මෝසමක් මගින් අද කැදවූ අවස්ථාවේදී මහාධිකරණය මොහුට විදෙස් ගමන් සදහා අවසරයක් ද ලබාදුන්නා.