මහබැංකු මූල්‍ය මණ්ඩලය විශේෂ රැස්වීමක් කැදවයි

Tuesday, 11 October 2016 - 13:09

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මතභේදයට ලක්වූ බැඳුම්කර සිද්ධිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා.

ප්‍රාථමික තැරැව්කාර සමාගම් ඇතුළු පාර්ශවකරුවන්ට ඒ සඳහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

මතභේදයට තුඩු දුන් මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද පරීක්ෂණ කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම මෙහි අරමුණයි.

අදාළ සිද්ධිය පිළිබද විවිධ වාර්තා පළවීම හේතුවෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම සිකුරාදා කැදවා තිබෙනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද මහබැංකු මූල්‍ය මණ්ඩලය කැදවා ඇති රැස්වීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළා.  
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මූල්‍ය මණ්ඩලය ගන්නා තීරණය දෙස නිදහස් පක්ෂය බලා සිටින බවයි.