මහව රිය අනතුරකින් වෛද්‍යවරියක ඇතුළු දෙදෙනෙකු මරුට

Tuesday, 11 October 2016 - 13:46

%E0%B6%B8%E0%B7%84%E0%B7%80+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කුරුණෑගල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මහව - සිංහාරගම ප්‍රදේශයේ දී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරියක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් ගමන් ගත් කැබ් රථය මාර්ගය අසළ නවතා  තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ වව්නියාව මහරෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සහ ඇගේ ඥාති සොහොයුරියක්.

කැබ් රථයේ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බවට සැක කෙරෙනවා.

රියදුරු ද බරපතල තුවාල ලබා කුරුණෑගල මහරෝහලට ඇතුළත් කර ඇති බවයි මහව පොලීසිය සදහන් කළේ.