රණවිරුවන්ගේ ගෞරවය රකින බව ජනපති කියයි

Tuesday, 11 October 2016 - 15:04

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය රජයට වඩා වත්මන් රජය රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  මෙම අදහස් පළ කළේ විශ්‍රාමික රණවිරුවන් යළි රටේ සංවර්ධනය  සඳහා යොදාගැනීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර ලෙස තාක්ෂණ නිලධාරීන් වශයෙන් විශ්‍රාමික රණවිරුවන් 50 දෙනෙකුට පත්වීම් ලබාදීමේ උත්සවය අද අමතමින්.

මෙම පත්වීම් ලබාදීම තුළින් රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම්වලට කිසිදු බාධාවක් නොවන බවද ජනාධිපතිවරයා කියා සිටියා.