උතුරුමැද පළාත් සභාවේ සභාපති ඇතුලු 9 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

Tuesday, 11 October 2016 - 16:14

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+9+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
උතුරුමැද පළාත් සභාවේ සභාපති ටී.එම්. සිරිපාල, අනුරාධපුර හිටපු නගරාධිපති එච්.පී. සෝමදාස සහ රාජාංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සමන් නිල්මිණි ඇතුලූ සැකකරුවන් 9 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද අධිකරණය අද යළි නියෝග කළා.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන නිලධාරී ආනන්ද වේරගොඩගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දේපළ හානි කිරීමේ චෝදනාවටයි.

එම සිද්ධියට අදාළව මීට දින 12 කට පෙරද තඹුත්තේගම මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කළ අතර, මෙතෙක් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන නැහැ.

1999 වසරේ දෙසැම්බර් 19 වනදා ජනාධිපති මැතිවරණ සමයේ, මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර, එහිදී නිවසට මෙන්ම බස් රථ දෙකකට සහ වෑන් රථ දෙකකටද හානි සිදුවුණා.

කෙසේ වෙතත් පසුගිය කාල සීමාවේ දේශපාලන බලපෑම් මත සිද්ධියට අදාළ විමර්ශන සිදු නොවුණු බව පවසමින් අගතියට පත් පාර්ශවය  යළි පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මතයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ.