කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ලට දඩ

Tuesday, 11 October 2016 - 17:04

%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
කොළඹ නිදහස් මාවතේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අදාළ චෝදනාවලට අද වරද පිළිගත්තා.

ඒ අනුව ඔහුට රුපියල් 29 000 ක දඩ මුදලක් නියම කළ කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය තාවකාලිකව අත්හිටුවා තිබූ රියදුරු බලපත්‍රයද මුදාහැර තිබෙනවා.

නොසැළකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම ඇතුලූ චෝදනා 5 ක් ඔහුට එරෙහිව ගොනුකර තිබුණා.