බදුල්ලේ ගින්න නිවා දැමේ- සඳුදා තෙක් වසා දැමුණු පාසල් අද යළි විවෘතයි

Wednesday, 12 October 2016 - 7:09

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A-+%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
දින හතරක් පුරා බදුල්ල - වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය පිටුපස ඇති කුණු කන්දේ  පැතිර යන ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 සහ එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාද යොදාගත්තා.

ගුවන් හමුදාව, යුද හමුදාව සහ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව ඊයේ පස්වරුවේ ගින්න නිවා දැමූ බවයි පොලීසිය සදහන් කළේ.

කුණු කන්දෙන් පිටවන දුමෙන් බදුල්ල නගරය වැසී පැවතීම නිසා නගරයේ පාසල් 5 ක්ද සඳුදා තෙක් වසා දැමීමට බලධාරීන් ඊයේ පියවර ගත්තා.

කෙසේ වෙතත් එම පාසල් අද දිනයේදී යළි විවෘත කෙරෙන බවයි ඌව පළාත් ප්‍රධාන  අමාත්‍ය චාමර සම්පත් දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම ගින්නෙන් හටගන්නා දුම හේතුවෙන් නගරයේ දෛනික කටයුතුවලට බාධා එල්ලවුණා

අදාළ කුණු කන්ද වසර 40 ක කාලයක සිට මෙම ප්‍රදේශයේ පවතින බවටද තොරතුරු වාර්තා වනවා.