ජනපති වූයේ රට කැඩීමට හෝ බෙදීමට නොව ආරක්ෂා කිරීමටයි - ජනපති

Wednesday, 12 October 2016 - 7:15

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තමන් ජනාධිපති ධුරයට පත්වූයේ රට කැඞීමට හෝ රට බෙදීමට නොව, රටේ නිදහසත් ස්වාධීනත්වයත් ආරක්ෂා කිරීමට බව ජනාධීපති මෛත්‍රිපාල  සිරිසේන පවසනවා.

ඉතිහාසය විසින් තමන්ට පැවරූ වගකීම් රැසක් පවතින අතර, යුග මෙහෙවරක් ලෙස එම වගකීම් හෘද සාක්ෂියට අනුවම ජනතාව වෙනුවෙන් ඉටු කරන බවයි ඔහු සඳහන් කළේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.