ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ ඇලෙප්පෝ හි 25 දෙනෙකු මරුට

Wednesday, 12 October 2016 - 7:34

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%BD%E0%B7%99%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D+%E0%B7%84%E0%B7%92+25+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සිරියාවේ ඇලෙප්පෝ නුවරට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැරළිකරුවන්ගේ ඉලක්කයකට එල්ල කළ මෙම මෙම ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කුඩා ළමයින් ද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සිරියානු රජය සහ රුසියානු රජය අතර පසුගිය දා ප්‍රහාර නවතා දැමීමේ තාවකාලික එකඟතාවයක් ඇති කර ගනු ලැබුවා.

ඒ, සිරියාවේ සාමාන්‍ය ජනතාවට කැරළිකරුවන් සිටින ප්‍රදේශවලින් ඉවත්වීමට කාලය ලබාදීම සඳහායි.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රංශ සංචාරය ද අත්හිටුවා තිබෙනවා.

ඇලෙප්පෝ නගරයට එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් රුසියාවට යුද අපරාධ චෝදනා එල්ල විය හැකි බවට ප්‍රංශ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයත් සමඟයි මෙලෙස පුටින්ගේ සංචාරය අවලංගු කර ඇත්තේ.