නින්ද නිසා වෛද්‍යවරියටත් සොහොයුරියටත් මරු කැදවූ මහව හැඬවූ මාරක රිය අනතුර

Wednesday, 12 October 2016 - 8:55

%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B7%80+%E0%B7%84%E0%B7%90%E0%B6%AC%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ කැබ් රථයක් මහව සින්හාරගම ප්‍රදේශයේදී අනතුරට ලක්විමෙන් කාන්තාවන් දෙදෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

කැබ් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව බවයි පොලිසිය සදහන් කළේ

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරියක් සහ ඇගේ ඥාති සොහොයුරියක රැගෙන කොළඹ බලා ධාවනය වූ කැබ් රථය මහව - සින්හාරගම ප්‍රදේශයේදී මාර්ගය අසල නතර කර තිබූ කන්ටේනර් රථයක ගැටී තිබෙනවා.

අනතුරින් කැබ් රථයේ සිරවී සිටි රියදුරු ඉන් ඉවතට ගැනීමට ප්‍රදේශවාසීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති බව සදහන්.

අනතුර සිදුවූ ස්ථානයේදීම ගෞරී මනෝහර් නන්දකුමාර් නම් වෛද්‍යවරිය මියගොස් ඇති අතර, තුවාල ලබා සිටි ඇගේ ඥාති සොහොයුරිය මහව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

බරපතළ තුවාල ලබා සිටි කැබ් රථයේ රියදුරු මහව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බව වර්තාවනවා.