ජයලලිතාගේ වගකීම් පන්නීර් සෙල්වම්ට

Wednesday, 12 October 2016 - 10:17

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7
තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ වගකීම් ප්‍රාන්ත මුදල් අමාත්‍යවරයා වන ඕ. පන්නීර් සෙල්වම්ට පැවරීමට ප්‍රාන්ත ආණ්ඩුකාර විද්‍යාසාගර් රා ඕ, ඊයේ පියවර ගත්තා.

ඒ, පසුගිය සැප්තැම්බර් 22 වන දා සිට චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු මහඇමතිනියට තවදුරටත් රෝහලේ රැදී සිටීමට සිදුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමඟයි.

මීට වසර දෙකකට පෙර මූල්‍ය දූෂණ චෝදනා මත ජයලලිතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ද තමිල්නාඩු ප්‍රාන්ත වැඩබලන මහඇමතිවරයා ලෙස කටයුතු කළේ ද පන්නීර් සෙල්වම්.

68 හැවිරිදි ජයලලිතා ජයරාම් උණ සහ විජලනය හේතුවෙන් රෝහල් ගත කළ ද ඇගේ තත්ත්වය ඊට වඩා බරපතල බවයි වාර්තා වන්නේ.