බඹර ප්‍රහාරයක් නිසා ඇඹිලිපිටියේ පාසලක් තාවකාලිකව වසයි

Wednesday, 12 October 2016 - 10:25

%E0%B6%B6%E0%B6%B9%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
ඇඹිලිපිටිය - පනාමුරේ ඛේමානන්ද ප්‍රාථමික විද්‍යාලය අද දිනයේදී තාවකාලිකව වසා දැමුණා.

පාසල් මායිමේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් අද උදෑසන ඇවිස්සීමෙන් බඹරුන් දෂ්ට කිරීම නිසා සිසුන් තුන්දෙනෙකු සහ විදුහල්පතිවරයා තුවාල ලබා තිබෙනවා.

ඉන් එක් සිසුවෙකු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.

මෙම තත්ත්වය මත පාසල අද දිනයේදී තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි පාසලේ විදුහල්පති එම්.ආර්. අමරසේන කියා සිටියේ.