විරෝධතාවකින් කොටුව අවහිර වෙයි

Wednesday, 12 October 2016 - 12:04

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටුව ලෝටස් වටරවුම අසල මේ වනවිට විරෝධතාවයක පැවැත්වෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ගවල දැඩි රථ වාහන ගමනා ගමනයට බාධා එලල්වී ඇති බවටයි වාර්තාවන්නේ.

වතු කම්කරුවන් 300 ක් පමණ මෙම උද්ඝෝෂනයට එක්ව සිටින බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ - කොටුවේ සිට ගාලු මුවදොරට ඇතුලුවන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

කෙසේ නමුත් වතු කම්කරු නියෝජිතයන් හත්දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වනවිට කැඳවාගෙන ගොස් ඇති බවද වාර්තාවුණා.

සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කඳුකරයේ වතු කම්කරුවන් පසුගිය දිනවල විරෝධතා, උද්ඝෝෂන රැසක නිරතවුණා.