මෝදි, රාවණා රජු ත්‍රස්තවාදියෙකු කරයි

Wednesday, 12 October 2016 - 13:11

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ත්‍රස්තවාදයට එරෙහි ලොව ප්‍රථම සටන රාවණා රජුට එරෙහිව රාම කුමරු කළ සටන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

හින්දුවරුන්ගේ වැදගත්ම ආගමික උත්සවයක් වන දසෙරා උත්සවයට ලක්නව් හිදී එක්වෙමින් ඊයේ ඔහු ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය මෙන්ම දූෂණය සහ වසංගත රෝගද නූතන යුගයේ රාවණාවරුන් ලෙස හැඳින්විය හැකි බවයි.

හින්දුන් දසෙරා උත්සවය පවත්වන්නේ රාවණා රජුට එරෙහිව රාම කුමරුන් ලද ජයග්‍රහණය සමරමින්.

ඒ සඳහා දසෙරාවක් හෙවත් දින 10 ක් උපවාස කර රාවණා රජුගේ අනුරුවක් පිළිස්සීම සිදු කෙරෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙවර රාවණා අනුරුව පිළිස්සීමට පෙර ඉන්දියානුවන්ගේ අඩුපාඩු 10 ක් වත් සපුරාගත යුතු බවයි.  

කෙසේ නමුත් දසෙරා  චාරිත්‍රයට අනුව රාවණා රජුගේ දැවැන්ත පිළිරුවක් පිළිස්සීම ලක්නව් හිදී ඊයේ සිදු කෙරුණා.

නරේන්ද්‍ර මෝදි ඊයේ පැවැත්වූ කථාවේදී පාකිස්ථානයට ඍජු වාග් ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී ඔහු පාකිස්ථානය, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් ලෙස අනියම් ලෙස හැඳින්වූ අතර, ත්‍රස්තවාදය මානුෂිකත්වයේ සතුරෙකු ලෙස ප්‍රකාශ කළා.