පසුගිය සමයේ සංවර්ධනයට පැවති අවස්ථා අහිමි කරගත් බව අගමැති කියයි

Wednesday, 12 October 2016 - 13:39

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට සංවර්ධනය, අපනයන වර්ධනය සහ රැකියා ජනනය ඉහළ මට්ටමකට ගෙන ඒමට පැවති අවස්ථාව මීට දශකයකට පමණ පෙර අහිමිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාවේ අවධානය වැරදි අතට යොමුවීමේ ප්‍රතිවිපාක අද දක්නට ලැබෙන බවයි 2016 ලෝක සංවර්ධන අපනයන සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම සමුළුව පැවැත්වෙන්නේ සම්බන්ධතාව, තරඟකාරීත්වය සහ වෙනස තුළින් වෙළඳ කටයුතු සාර්ථකත්වය ලැබීම යන තේමාව යටතේයි.

ශ්‍රී ලංකාව ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය අත්හැරීමට කටයුතු කිරීම සැළකිය යුතු අත්වැරැද්දක් ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී හැඳින්වූයේ.

යුරෝපීය තීරුබදු සහනය අඛණ්ඩව ලබාගත් බංග්ලාදේශය ඇඟළුම් අපනයනයෙන් ඉදිරියට පැමිණීමට සමත්වුණා.

අපනයනය සහ සංවර්ධනය වෙනුවට ශ්‍රී ලංකාව එකළ විශ්වාසය තැබුවේ  විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම පිළිබඳවයි.

එහෙත් එය සීමාසහිත වුවක් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ.

අපනයන සංවර්ධනය තුළින් රැකියා ජනනය මෙන්ම මධ්‍යම පන්තියට පිවිසීමේ ජනතා බලාපොරොත්තු ඉටුකරගත හැකියි.

ඒ සඳහා දේශපාලන පසුබිම සහ යටිතල පහසුකම් රජය සකස් කරමින් සිටින බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.