රජයේ රෝහල්වල සේලයින් බට හිගයක්

Wednesday, 12 October 2016 - 13:57

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රජයේ රෝහල් ගණනාවක රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ උපාංග හිඟයක් පවතින බවට සමස්ත ලංකා හෙද සංගමය චෝදනාවක් කරනවා.

එහි සභාපති ගාමිණී කුමාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අප වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසීමක් කළා.  

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ පසුගිය දිනවල රෝහල්වල සේලයින් බට හිඟයක් පැවතුණද මේ වනවිට නව තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.