සමාජ ශාලා ගැටලුව ගැන ජනපතිගේ අවධානය

Wednesday, 12 October 2016 - 14:03

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පසුගිය දිනවල කථාබහට ලක්වූ කොළඹ සමාජ ශාලාවක ඇති වූ බව කියන ගැටුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනටමත් පොලිසිය වෙත ජනාධිපතිවරයා ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.

ඊට අමතරව, ජනාධිපති විමර්ශන ඒකකය ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ද ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම, සාලාව යුද හමුදා කදවුරේ සිදුවූ පිපිරීමෙන් හානියට පත්වූ කුලී පදනම මත පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් තාවකාලික පොදු ව්‍යාපාර ස්ථානයන් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵල ප්‍රමාදයක් නොමැති බව සදහන් කළ වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කියා සිටියේ නුදුරේදීම ඒවයේ ප්‍රතිඵල දැක ගැනීමට හැකිවනු ඇති බවයි.