දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කැපවන බව ජනපති කියයි

Wednesday, 12 October 2016 - 15:00

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සමස්ත දරු පරපුරෙහි අනාගතය සුරක්ෂිත කිරීමට රජයක් ලෙස සියලූම කැප කිරීම් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

නුගේගොඩ - අනුලා විද්‍යාලයේ 75 වන සංවත්සර උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ දරුවන් මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය මේ වනවිට පැන නැගී ඇති බවයි.

දරුවන් නුසුදුසු කාර්යයන් වෙත යොමුවන්නේ පාසල් කාලය තුළ නොව දෙමාපියන්ගේ රැකවරණය තුළ දී බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දරුවන් කෙරෙහි දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සදහන් කළා.

මෙහිදී අනුලා විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් ද නිකුත් කෙරුණා.