ගැටුමකින් මියන්මාරයේ හමුදා සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට

Wednesday, 12 October 2016 - 15:10

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මියන්මාරයේ - රේකින් ප්‍රාන්තයේ ආගමික ගැටුමක් අතරතුර එල්ල වූ ප්‍රහාරවලින් හමුදා සෙබලූන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් 300 දෙනෙකු පමණ හමුදා සෙබලූන්ට පහරදී ඇති බවයි.

පසුගිය සති අන්තයේ මියන්මාර බංග්ලාදේශ දේශසීමාව අසල ප්‍රදේශයකදී එල්ල වූ මෙවැනිම ප්‍රහාරයකින් පොලිස් නිලධාරින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම පහරදීම්වලට රෝහින්ග්‍යා නමැති මුස්ලිම් සංවිධානය සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.