තායිලන්ත රජුට අසාධ්‍යයි

Thursday, 13 October 2016 - 8:37

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දීර්ඝතම කාලයක් රජකළ, ලොව ජීවමානව සිටින පුද්ගලයා ලෙස සැළකෙන තායිලන්ත රජු රෝගතුරව  අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තාවනවා.

බුමී බෝල්ත් අදුල්යාදෙව් වසර 70 ක් තායිලන්තයේ රජු ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

ඔහුගේ වයස මේ වනවිට අවුරුදු 88 ක්.

ඊයේ දිනය වනවිට බරපතල තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තායිලන්ත රජු ස්වසන අපහසුතා මෙන්ම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය අවම වීම  හේතුවෙන් ශාරීරික ලෙස ඉතා දුර්වල තත්ත්වයක පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදුල්යාදෙව් රජු තායිලන්ත ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ අයෙකු  ලෙසයි සැළකෙන්නේ.