වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක හයලක්ෂ පනස් දහසකට අධික පිරිසකට පීඩා

Thursday, 13 October 2016 - 7:04

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+20%E0%B6%9A+%E0%B7%84%E0%B6%BA%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 20 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 132 ක 650,000 කට අධික පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කය පුරා පවුල් 27472 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ තිස්දහස් 928 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කය පවුල් - 27,472 පුද්ගලයින් - 130,928

මීට අමතරව අනුරාධපුර, මඩකලපුව, පුත්තලම, මොනරාගල, අම්පාර, හම්බන්තොට, කළුතර යන දිස්ත්‍රික්කවලටද වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අනුරාධපුරය - 20,122

මඩකලපුව - 57,001

පුත්තලම - 45,641

මොනරාගල - 44,824

අම්පාර - 63,635

හම්බන්තොට 52,332

කළුතර - 93,968

එම ජනතාව මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ පිරිසිදු ජලය නොමැතිවීම සහ සනීපාරක්ෂක කටයුතු සඳහා ප්‍රමාණවත් ලෙස ජලය නොමැතිවීමයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් එක්ලක්ෂ පනස්දහසකට පමණ දෛනික පානීය ජල අවශ්‍යතාවද සපුරාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

වියළි කාලගුණයත් සමඟ බොහෝ ප්‍රදේශවල වගාවන් රැසක් විනාශ වී තිබෙනවා. ඉන් වැඩිම බලපෑම් එල්ල වී තිබෙන්නේ වී වගාවටයි.

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේ වන විට සැලකිය යුතු ලෙස පහළ බැස ඇති අතර එය විදුලි සැපයුමට බාධාවක් නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දින කිහිපයේදී ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.