නානුඔයදී අනතුරකින් දෙදෙනෙකු මරුට

Thursday, 13 October 2016 - 7:29

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%94%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නානුඔය - ක්ලැරන්ඩන් ප්‍රදේශයේදී ලොරියක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නානුඔය ප්‍රදේශයේ වතුයායක එළවළු කොටුවක සේවය කරන මෙම පිරිස වැඩ නිමකර නුවරඑළිය දෙසට ගමන් කරමින් සිටියදී මෙලෙස ඔවුන් ගමන් ගත් ලොරිය ඊයේ පස්වරුවේ අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අනතුරට ලක්ව ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බව නානුඔය පොලීසියේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළා.