මැතිවරණ කොමිසම කනස්සල්ලෙන්

Thursday, 13 October 2016 - 7:46

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
පළාත් පාලන මැතිවරණය මෙතෙක් පැවැත්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළ බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන් සමඟ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.