සියල්ල ගැන දරුවන්ට අවබෝධයක් ලබාදිය යුතුයි- ජනපති

Thursday, 13 October 2016 - 7:56

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තරඟකාරී සමාජය තුළ තිබෙන යහපත් දේ පිළිබඳව මෙන්ම අයහපත් දේ පිළිබඳවත් දරුවන්ට අවබෝධයක් ලබාදීම අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 16 වැනි ලෝක අපනයන සංවර්ධන සමුළුවේ සමාරම්භක උත්සවයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ එක්වුණා.  

සාර්ථකත්වය සඳහා වෙළඳාම - සම්බන්ධවීම, තරඟ කිරීම, වෙනස්වීම යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වන අතර, මෙම සමුළුව ශ්‍රී ලංකාව තුළ පවත්වන පළමු අවස්ථාවද මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජීනිවා නුවර ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබෙනවා.