බදුල්ලේ ගින්න ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ

Thursday, 13 October 2016 - 8:03

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගනය අසල පිහිටි කුණු කන්ද ගිනිගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බදුල්ල පොලිසිය පවසනවා.

පසුගිය ඉරිදා හට ගත් මෙම ගින්න ඊයේ පස්වරුව දක්වා පැවති අතර, ගුවන් හමුදාව, යුද හමුදාව සහ බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළා.  

කෙසේ වෙතත් බදුල්ල හිරු වාර්තාකරු සඳහන් කළේ අදාළ කුණු කන්දෙන් ඇතැම් අවස්ථාවලින් තවදුරටත්  සුළු දුමාරයක් පිටවන බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ දුමාරය නගරයෙන් ඉවත්වුවද තවදුරටත් විෂ වායු නගර සීමාව තුළ පැවතිය හැකි බවයි.  

මේ අතර, මාවනැල්ල ඓතිහාසික ගඩොල් පාලම අසල තිබූ කුණු කන්දක් ද ඊයේ පස්වරුවේ ගිනිගැනීමට ලක්වූ අතර, මාවනැල්ල නගර සභාවේ ගිනි නිවන රථ යොදා ගෙන ගින්න මැඩපවත්වා තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් එම කුණු කන්දට ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.