සමසෞඛ්‍ය පීඨයේ 12 ක් රිමාන්ඞ්

Thursday, 13 October 2016 - 8:09

%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA%E0%B7%9A+12+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් 12 දෙනෙකු අද දක්වා රක්ෂිත  බන්ධනාගාර ගතකිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා.

පසුගිය අගෝස්තු 22 වනදා එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

අගෝස්තු 22 වනදා සිදුවූ මෙම පහරදීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් හතරදෙනෙකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළා.

පසුව පහරකෑමට ලක්වූ සිසුන් මේ පිළිබඳව එදිනම සවස පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ පහරදීම සහ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා යටතේයි.